- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Pani Kurullane Nil Kobeiyane Song Lyrics
Pani Kurullane Nil Kobeiyane Lyrics
Pani Kurullane Nil Kobeiyane Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Lushan Bulathsinghala. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Pani Kurullane Nil Kobeiyane Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Lushan Bulathsinghala
Music Composer
Sarath Dasanayaka
Views
22,033
Published on
2009-04-03
Unicode version of Pani Kurullane Nil Kobeiyane song lyrics
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සංදියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරෙයි...
අඹ දඔ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අප වගේම ලුණු පනින්න කැට පොල විදලා...
පුංචි පුතා එන්න කලින්
උන් හිටතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා...
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ...
ඇළේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා...
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ...
ගිය තැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සංදියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරෙයි...
අඹ දඔ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අප වගේම ලුණු පනින්න කැට පොල විදලා...
පුංචි පුතා එන්න කලින්
උන් හිටතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා...
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ...
ඇළේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා...
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ...
