Sir Donal Bradman
Sir Donald George Bradman
(Picture: Dailymirror.co.uk)

සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (Sir Donald George Bradman) එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහස්සයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ඔහුය. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94ක් වන අතර එය එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු රැස් කළ ඉහළම ලකුණු සාමාන්‍යයයි. ටෙස්ට් තරඟ 52කදී ශතක 29ක්, ද්විත ශතක 12ක්, ත්‍රිත්ව ශතක 2ක් සමගිනෙ ලකුණු 6996ක් රැස්කර ගත් ඔහු, එංගලන්ත පිලට එරෙහිව ලකුණු 5028ක් රැස්කරමින් එක් කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල වාර්තාටද හිමිකම් කියනු ලබයි.

ඔහුගේ මෙම විශිෂ්ටත්වය නිසාම 1948 ඔහුට නයිට් නාමයකින් පිදුම් ලැබූ අතර, ලෝක ක්‍රීඩා සමාජ සම්මේලනය විසින් 20 වන සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයන් 10 දෙනා අතරට තෝරාගත් අතර, ජාත්‍යන්තර විස්ඩන් ක්‍රිකට් වර්ගීකරණයේ 20වන සියවසේ හොඳම ක්‍රීඩකයා තේරීමට පත් කරන ලද 100 දෙනෙකුගෙන් යුත් ජූරි මඩුල්ලේ 100 දෙනාගේම යෝජිත නාමය වුයේ සර් ඩොනල්ඩ් බ්‍රඩ්මන්ගේ නාමයයි.

ලොව විශිෂ්ටතම පිතිකරුවා වුවත් ඔහුගේ මේ විශිෂටත්වයේ ආරම්භය සිදුවන්නේ තරමක් වෙනස් අයුරකිනි. කුඩා ඩොන්ට ක්‍රිකට් පුහුණු වීම සඳහා ක්‍රිකට් පිත්තක් හෝ පන්දුවක් නොතිබිණි.එසේම ක්‍රීඩා කිරීමට කිසිවකු නොසිටියේය.

ඔහු විකට් ඉන්නක් සහ ගොල්ෆ් පන්දුවක් ගෙන ගොල්ෆ් පන්දුව වතුර ටැංකියට විසිකරමින්, ඔහුවෙත නැවත පැමිණෙන පන්දුවට ව්කට් ඉන්නෙන් පහර දෙමින් පුහුණු වීමේ නිරත විය.

වතුර ටැංකියේ වක්‍ර මතුපිට ගැටුණු පන්දුව නැවතත් ඔහුවෙත පැමිණියේ විව්ද වේගයන්ගෙන් සහ විවිද කෝණයන්ගෙනි. ඒ නිසාම ඔහුට පන්දුවට පහර දීමට පන්දුව වෙත වේගයෙන් චලනය වීමට සිදුවූ අතර, එමගින් වේගවත් පාචලනක් ඔහුට නිතැතින් හුරුවිය. එසේම ගොල්ෆ් බෝලයේ සියුම් චලනයක් පවා හඳුනා ගැනීමට ඔහුගේ ඇස හුරුවිනි. මෙම නිරන්තර පුහුණුවීම ලොව එදා මෙදා තුර බිහිවුණු විශිෂ්ටතම පිතිකරුවා ලෙස කිරුළු පැලඳීමට ඔහුට මග පෑදුවේය.

ජෝර්ජ් බ්‍රැඩ්මන් සහ එමලී බ්‍රැඩ්මන්ට දාව උපත ලද මේ මහා ශේෂ්ඨයා ක්‍රිකට් දිවියට අත්පොත් තබනු ලබන්නේ වයස අවුරුදු 12ක කුඩා දරුවකුව සිටියදී ලකුණු සටහන් කරන්නකු ලෙසය.

READ:   ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රීඩකයෙක් බිහිකළ වටිනා කාසි 13

ඔහුගේ ඥාතියකු ග්‍රාමීය ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දැරූ අතර ඔවුන්ට ලකුණු සටහන් කරන්නකුගේ සහය අවශ්‍ය තිබූ අතර ඒ සඳහා කුඩා ඩොන්ව යොදා ගන්නා ලදී.

දිනක් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ අඩුවක් පැවතිණි. ඒ සඳහා ආදේශකයක් නොතිබුණු අතර ඒ වෙනුවට කුඩා ඩොන්ව යොදා ගැනීමට ඔවුන් තීරණය කරන ලදී. එහිදී තමන් සහභාගි වූ පළමු තරඟයේදීම පළමු ඉනිමේදී නොදැවී ලකුණු 37ක් සහ දෙවෙනි ඉනිමේදී නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමින් සිය ක්‍රිකට් දිවියේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරගන්නා ලදී.

වයස 19දී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණවූ සර් ඩොන් බ්‍රැඩ්මන් තමන් සහභාගිවූ පළමු තරඟයේම ශතකයක් රැස් කළ අතර, 1928 දි ටෙස්ට් පිටියට අවතීරණ විය. සිය පළමු ටෙස්ට් තරඟ 3 අවසාන වන විටම ලකුණු සාමාන්‍ය 50.00ක් ඉක්මවූ ඔහු සිය ක්‍රිකට් දිවිය පුරාවටම ඉනිමක සාමාන්‍ය 50.00කට ඉහළින් රඳවා ගැනීමට සමත් විය.

1930 වසරේ අළු බඳුන තරඟාවලියේ 3වන තරඟයේ පළමු දිනයේ දිවා ආහරය දක්වා කාල සීමාවේදී ලකුණු100ක් රැස්කළ ඔහු දිවා අහාරය සහ තේ පානය අතරතුව කාලය තුල තවත් ලකුණු 100ක් රැස්කළ අතර දිනය අවසාන වන විට ඔහු නොදැවී ලකුණු 309ක් රැස් කරන ලද්දේ දිනයක් තුල ත්‍රිත්ව ශතකයක් රැස්කළ ලොව එකම පිතිකරුවා බවට ඔහු පත් කරමිනි.

තරඟ 5කින් සමන්විත එම තරඟාවලිය අවස්සානයේ ඔහු රැස්කර සමස්ත ලකුණු සංඛ්යාව 974කි. ශතකයක්, ද්විත්ව ශතක 2කක්, ත්‍රිත්ව ශතකයක් රැස්කළ ඔහුගේ ඉනිමක සාමන්‍ය 139.14ක් ලෙස සටහන් විය.

Sir Donald Bradman Batting
Sir Donald Bradman
(Picture: Indiatoday.in)

කිසිම පන්දු යවන්නකුට නැවතිය නොහැකි මේ අග්‍රගන්‍ය පිතිකරුවා ඒ මොහොත වන විටත් එංගලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක්ව සිටි නිසා, 1931 එංගලන්ත කණ්ඩායමේ නායක ඩග්ලස් ජාලි, 1931-32 තරඟ සංචාරයේදී සර් බ්‍රැඩ්මන්ගේ ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවීමට සිය පන්දු යවන්නන් මෙහෙයවන ලදී. සුප්‍රකට බොඩි ලයින් පන්දු කරනයේ ආරම්භය සිදුවන්නේ මේ අග්‍රගන්‍ය පිතිකරුවා නිසාවෙනි.

කෙතරම් දක්ෂ විශිෂ්ටයකු වුවත් 1934 එංගලන්ත තරඟාවලිය එතරමි සුබ නොවිනි. ඒ වන විටත් ටෙස්ට් තරඟ 3කදී එකදු ශතකයක් හෝ ඔහු ලබා ගත්තේ නැත. කෙතරම් දක්ෂ විශිෂ්ටයකු වුවත් අනික් සෑම ක්‍රීඩකයකුට මෙන්ම ලකුණු අතරට නොපැමිණි කාලයක් ඔහුටද විය. සාමන්‍ය පිතිකරුවකුට මෙය සාම්න්‍ය සිදුවීමක් විය හැකි උවද, සර් බ්‍රැඩ්මන් වැනි විශිෂ්ටයකුට මෙය එතර හුරුපුරුදු දෙයක් නොවිනි.

READ:   මහේන්ද්‍ර සිං දෝනි: ටිකට්පත් පරීක්ෂකයකු ලෙස දිවිය ඇරඹි ක්‍රිකට් ලොව විශිෂ්ටතම තරඟ අවසන් කරන්නා

එහෙත් 4වන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ත්‍රිත්ව ශතකයක් රැස්කරමින් නැවතත් සිය සුපුරුදු තරඟ රටාවට අවතීරන වීමට ඔහු සමත් විය. එපමණක්ද නොව 5වන තරඟයේද ද්විත්ව ශතකයක් රැස් කිරීමට ඔහු සමත් විය.

1948 වසරේ අළු බඳුන තරඟාවලියේ 5වන තරඟය සර් ඩොන් බ්‍රැඩ්මන්ගේ අවසාන ටෙස්ට් තරඟය වූ අතර එහීදී ඔහුට එක ඉනිමක් පන්දුවට පහරදීමට අවස්තාව උදාවිය. එරික් හෝලිස්ගේ පළමු පන්දුවට ආරක්ෂාකරී පහරක් එල්ල කළ අතර දෙවන පන්දුවෙන් ලකුණු නොලබාම දැවී ගියේ ක්‍රිකට් ලොව රජුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94කට රඳවමිනි.

එසේම සිය ක්‍රිකට් ජීවිතය තුලදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමණයෙන් 26%ක් ම ලබාගෙන ඇත්තේ සර් බ්‍රැඩ්මන් විසිනි. තමන්ට අවශ්‍ය ස්ථාන වෙත බිම දිගේ වේගයෙන් පන්දුව යොමුකිරීමේ හැකියාවෙන් පිරිපුන් මෙම අග්‍රගන්‍ය පිතිකරුවා සිය ක්‍රිකට් ජීවිතය පුරාවටම එල්ලකර ඇත්තේ 6 පහර, 6ක් පමණි.

වසර 20ක ක්‍රිකට් දිවියේ අවසාන ඉනිමට මුහුණ දීමට පිටියට පිවිසි ඔහුට එංගලන්ත ක්‍රීඩකයන්ගේ ගෞරවාචාර හමුවේ සිය දෑස කඳුලින් තෙත්ව පැවති නිසා පන්දුව නිසිලෙස දැකගැනීමට නොහැකිවීම ඔහුට ලකුණු නොලබාම දැවීයාමට සිදුවිය.

යම් හෙයකින් අවසාන තරඟයේ ඔහු තවත් ලකුණු 4ක් ලබාගත්තේ නම් ඔහුගේ ඉනිමක සාමාන්‍ය 100.00ක් වනු ඇත.

ඔහුගේ ටෙස්ට් දිවියේ සමුගැනීමෙන් වසර 50කට පසු, 1997 වසරේ ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය ජෝන් හෝවර්ඩ් ( John Howard) ඔහුව හඳුන්වා සිටියේ “ජිවතුන් අතර සිටින ශේෂ්ඨතම ඕස්ට්‍රේලියානු ජාතිකයා ( greatest living Australian)” ලෙසය.

එපමණක් නොව ඔහුගේ රුව සහිත මුද්දර, මුදල් කාසි පමණක් නොව ඔහු ජීවතුන් අතර සිටින විටදීම ඔහු වෙනුවෙන් කෞතුකාගාරයක් පවා නිර්මාණයකිරීමෙන් ඔහුගේ අද්විතීයත්වය කෙතරම්ද කන්න තහවුරු වෙයි.

ඔහුගේ උපන්දිනයෙන් වසර 100කට පසු, 2008 අගෝස්තු මස 27 Royal Australian Mint විසින් සර් බ්‍රැඩ්මන් අනුස්මරණ රත්රන් ඩොලර්5 සමරු කාසියක් එලි දැක්වු අතර, 2009 වසරේ දී ICC Cricket Hall of Fame වෙත ඇතුලත් කරන ලදී.

READ:   The Self-Drive Dilemma: The Embryonic Issue of Self-Driving Cars

1908 අගෝස්තු මස 27 උපත ලද මේ අග්‍රගන්‍ය ක්‍රීඩකයා, 2001 වසරේ පෙබරවාරි මස 25වන දින (වයස92) මෙලාවින් නික්ම යන්නේ ක්‍රිකට් ලොවේ රජු ලෙස වැජඹෙමිනි.

Sir Donal Bradman
Sir Don Bradman
(Picture: cricket.com.au)

විශිෂ්ටයන් කොතෙකුත් බිහිවිය හැක. එහෙත් ක්‍රිකට් අදමෙන් දියුණු නොමැති, තාක්ෂණික පහසුකම් නැති, ආරක්ෂක ආම්පන්න නොමැති, කාලවකවානුවක, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ පෑ පෙලහර, කිසිම විශිෂ්ටයකුට සමකළ නොහැකි වනු නිසැකය.

Dinesh Abeywickrama Ph.D. (Reading), MBCS, MBA, BCS

Follow me to get latest Updates
Facebook https://www.facebook.com/Samuraidinesh
Twitter https://twitter.com/dineshabeywick
Instagram https://www.instagram.com/samuraidinesh/
LinkedIn https://lk.linkedin.com/in/samuraidinesh

Facebook story: https://www.facebook.com/Samuraidinesh/posts/10224638736057833