Sir Albert Einstein
Sir Albert Einstein (Picture: History.com)

සර් ඇල්බට් අයින්ස්ටයින් (Sir Albert Einstein); අවිවාදයෙන්ම 20වන සියවසේ පහළවුන මහා බුද්ධිමතා ඔහු. ඔහු සාපේක්ෂතා වාදය, ස්කන්ධ ශක්ති සමානතා සූත්‍රය (Mass–energy equivalence formula E = mc2) ලොවට හඳුන්වා දුන් නූතන භෞතික විද්‍යාවේ පියා ලෙස පිලිගැනෙන මහා විද්‍යාඟ්‍යයායි.

භෞතික විද්‍යාවට ඔහු විසින් කරන ලද සේවය සහ ඔහු විසින් ඉදිරිපත් කරන ලද “Law of the photoelectric effect” සොයා ගැනීම් නිසාම, 1921 දී ඔහු නොබෙල් සම්මානයෙන් (Nobel Prize in Physics) පිදුම් ලබනවා.

Specialty of Sir Albert Einstein Brain (Picture: Researchvilla.com)

සාමාන්‍ය පුද්ගලයෙක් තම මොළයෙන් 10%ක් වගේ කොටසක් පමණක් භාවිතයට ගනු ලබන අතර සර් ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ මොළයෙන් 30-39%ක් අතර ප්‍රතිශතක් ප්‍රයෝජනයට ගත් බව පරීක්ෂකයන් පවසන්වා. එය දෙවෙනි වන්නේ විශ්වයේ පහළවුන ශ්‍රේෂ්ඨතම ශාස්තෲවරයා වන ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධි ධාරිතාවට පමණයි.

ලොව සුපතල මේ මහාචාර්‍යවරයා තමුන්ගේ පරීක්ෂණ වලට තම සොයා ගැනීම් වලට කෙතරම් අවධානය යොමු කළාද කියනවා නම් මේ මහා බුද්ධිමතාට ඔහුගේ සාමන්‍ය ජීවිතයේදී නිතරම අමතක වෙන පුරුද්දක් තිබුනා.

වරක් සර් අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ (Princeton University) ඉඳල දුම්රියෙන් ගමනක් යමින් සිටිය. ගමන අතරතුර ප්‍රවේශ පත්‍ර පරීක්ෂකය ප්‍රවේෂ පත්‍ර පරීක්ෂා කරමින් මේ මහා බුද්ධිමතා ළඟට පැමිණියා. මහාචාර්‍යවරයා ඔහුගේ කබායේ සක්කුවට අත දමලා ප්‍රවේශ පත්‍රය සෙව්වා. කබා සාක්කුවේ නැහැ. ඔහු සිය කලිසම් සාක්කුවේ බැලුවා. එහිත් ප්‍රවේශ පත්‍රය නැහැ. ඔහුගේ සූට්කේසයේ බැලුවා. ඔහු අසුන් ගෙන සිටින අසුන මත බැලුවා. කිසිම තැනක ඔහුගේ ප්‍රවේශපත්‍රය තිබුනෙ නැහැ.

මෙය දුටු පරීක්ෂකය සර් අයින්ස්ටයින්ට මෙහෙම කියන්වා

“මහාචාර්‍යතුමනි, මම ඔබව දන්නවා. මේ මුලු රටම ඔබතුමාව දන්නවා. මට විශ්වාසයි ඔබතුමා ප්‍රවේශපත්‍රයක් ගත්ත බව. ඔබතුමා කලබල වෙන්න ඕන නැහැ.”

මහාචාර්‍යවරයා ඔහුට සිනහවකින් සංග්‍රහ කරනවා. ප්‍රවේශපත්‍ර පරීක්ෂක අනික් මගීන් වෙත යමින් තම රාජකාරිය ඉටු කර, ඊළඟ දුම්‍ රිය මැදිරියට පිටත් වෙන්න පෙර මහාචාර්‍යවරයා දෙස හැරී බලනවා. ඔහු දණ බිම තබාගෙන අසුන යට තමන්ගෙ ප්‍රවේශ පත්‍රය සොයනවා.

READ:   Are you Secure with VPN?

පරීක්ෂකවරයා ඉක්මනින් මහාචාර්‍යවරයා වෙත පැමිණ මෙහෙම කියනවා.
“මහාචාර්‍යතුමනි, මහචාර්‍යතුමනි, කරදර වෙන්න ඕන නැහැ. මම දන්නවා ඔබතුමා කවුද කියල. ඔබතුමා අනිවාර්‍යයෙන්ම ප්‍රවේශපත්‍රයක් ගන්න බව අපි දන්නවා. ඔබතුමාගේ ප්‍රවේශපත්‍රය බලාන්න ඕන නැහැ”.

සර් අයින්ස්‍ටයින් තරුණයා දෙස බලලා හරි ලස්සන උත්තරයක් දෙනවා…
“පුතා, මාත් දන්නවා මම කවුද කියල. මම දන්නෙ නැති දේ තමයි මම කොහෙද මේ යන්නෙ කියල. ඒකයි මං මේ ප්‍රවේශපත්‍රය හොයන්නෙ…”

තවත් වරක් ඔහු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සිට කුලී රථයකින් නිවස බලා යමින් සිටිනවා. ඔහුට සිය නිවෙසෙ ලිපිනය අමතක වෙනවා.

කුලී රථ රියදුරත් ඔහුව හඳුන ගත්ත බවක් පෙනෙන්න නොතිබ්බ නිසා, සර් අයින්ස්ටයින් කුලී රථ රියදුරාගෙන් අහනවා,
“ඔබ දන්නවාද අයින්ස්ටයින් ගෙ ගෙදර කොහෙද තියෙන්නෙ කියල?”

“ඔහුගෙ ලිපිනය දන්නෙ නැති කෙනෙක් ඉන්නවද? ප්‍රින්ස්ටන් වල ඉන්න හැමකෙනෙක්ම ඔහුගෙ ලිපිනය දන්නවා. ඔබට ඔහුව හමු වෙන්න අවශ්‍යද?” කුලී රථ රියදුරා පිලිතුරු දෙනවා.

මහාචාර්‍යවරයා ඔහු අයින්ස්ටයින් බවත් ඔහුට සිය නිවසේ ලිපිනය අමතක උන බවත් පවසනවා.

කුලී රියදුරා මහාචාර්‍යවරයාව නිවසට කැටුව යනවා පමණක් නෙවෙයි මේ මහා බුද්ධිමතාගෙන් මුදල් අයකර ගන්නෙත් නැහැ.

ජීවිතය ගැන අවබෝධයට පත් වෙන බහුතරයක් මිනිසුන් සරළ ගති පැවතුම්වලට හුරුවෙනවා. සර් ඇල්බට් අයින්ස්ටයින් කිසිවිටකත් ඔහුගෙ ඇඳුම් පැලඳුම් ගැන අනවශ්‍ය ලෙස තැකීමක් කළ පුද්ගලයකු නොවේ.

ඔහුගේ බිරිඳ නිතරම ඔහුට යෝජනා කළේ ඔහුගේ රැකියා ස්ථානයට යනවිට හොඳ ඇඳුම්කින් සූදානම්ව යායුතු බව.

මහාචාර්‍යවරයා ගේ පැනය වන්නේ
“ඒ මොකටද?”

“ඔබ දන්න හඳුනන මිනිසුන් එහි සිටින නිසා…” මහාචාර්‍යවරයාගේ බිරිඳ ඔහුට කරුණු පැහැදිලි කළා.

කාලය ගත උනා. මහාචාර්‍යවරයා ප්‍රසිද්ධ සමුළුවකට සහභාගි වෙන්න සූදානම් වෙනවා. මෙය ඔහුගේ පාළමු “public conference” එක.

“අදවත් ලස්සනට ඇඳල පිලිවෙලට යන්න.” ඔහුගේ බිරිඳ ඔහුට පවසනවා.

මහාචාර්‍යවරයා කලින් අවස්ථාවකදී බිරිඳ රැකියා ස්ථානයේ දන්න කියන අය ඉන්න නිසා, ලස්සනට ඇඳගෙන යායුතු බව කී බව ඇයට මතක් වෙන්න අපූරු උත්තරයක් දෙනවා…

READ:   The Self-Drive Dilemma: The Embryonic Issue of Self-Driving Cars

” ඒ මොකටද? එතන මම අඳුනන කවුරුත් නෑනෙ…”

තවත් දිනයක සර් අයින්ස්ටයින් උද්‍යානයක ඇවිද යමින් සිටිනවා. හදිසියේම වැස්සක් ඇදවැටෙනවා. මහාචාර්‍යවරයා හිසේ තිබුන ඔහුගේ තොප්පිය ඉක්මනින් අරගෙන සාක්කුවට දාගන්නවා.

ඒ අසල සිටි කෙනෙක් ඔහුගෙන් මේ ගැන විමසනවා.

මහාචාර්‍යවරයා සුපුරුදු පරිදි අපූරු උත්තරයක් දෙනවා.

” වැස්සට තෙමුනොත් මගේ තොප්පිය තෙමිල ජරා වෙන්න පුළුවන්. ඒත් මගේ ඔලුව තෙමුනා කියල මොළේට එහෙම වෙන්නෙ නෑනෙ.”

Sir Albert Einstein (Picture: Twitter)

බහුතරයක් විද්‍යාඟයන් විවිද උපකරණ භාවිතයෙන් විවිද පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔස්සේ කල්පිතයන් ගොඩ නගන අතර, සර් ඇල්බට් අයින්ස්ටයින් සිය සහජ බුද්ධිය සහ පරිකල්පන ශක්තිය ඔස්සේ සිය කල්පිතයන් ඉදිරිපත් කරනු ලැබුවා. මේ හේතුව නිසාම ඔහු විසින් ඉදිරිපත් කළ සොයා ගැනීම් අදටත් නූතන විද්‍යාඟ්‍යන්ට අවබෝධ කර ගැනීමට නොහැකියි.

Picture: Wikipedia.com

1907 වසරේ මේ මහා විද්‍යාඟ්‍යයා විසින් ඉදිරිපත් කරන ලද ආචාර්‍ය උපාධි නිබන්ධනය, විශ්ව විද්‍යාල ආචාර්‍ය මණ්ඩලයක් ප්‍රතික්ෂේප කරනවා.

එහෙත් ඉන් දශකයක් පමණ ගතවූ අද දවස එදා ප්‍රතික්ෂේපිත පුද්ගලයා “විසිවන සියවසේ මහා බුද්ධිමතා” ලෙස ලොවම ගෞරවයට පාත්‍රවන අතර ඔහුගේ නිබන්ධනය ප්‍රතික්ෂේපිත පුද්ගලයන් කාලයේ වැලිතලාවේ සැඟව යනවා.

වෙනස් විදිහට හිතපු, වෙනස් දේවල් කරපු, අපූරු මිනිසුන් සමාජයේ ගැරහුමට ලක්වූවද කාලය සමග ඔවුන්ට හිමි නිසිතැනට විශ්වය විසින් ඔසවා තබන බවට මෙය එක්තරා ආකාරයක කදිම නිදසුනක්.

Dinesh Abeywickrama Ph.D. (Reading), MBCS, MBA, BCS

Follow me to get latest Updates
Facebook https://www.facebook.com/Samuraidinesh
Twitter https://twitter.com/dineshabeywick
Instagram https://www.instagram.com/samuraidinesh/
LinkedIn https://lk.linkedin.com/in/samuraidinesh