Sannaliyane Sannaliyane (සන්නාලියනේ සන්නාලියනේ) Lyrics
- SiYaLLa
- Song Lyrics
- Singers List
- W.D Amaradeva
- Sannaliyane Sannaliyane Song Lyrics
Sannaliyane Sannaliyane Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by Mahagamasekara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sannaliyane Sannaliyane Song Lyrics
Singer(s)
W.D Amaradeva
Lyricist
Mahagamasekara
Music Composer
W.D Amaradeva
Views
53,702
Last updated
March 31, 2025
Unicode version of Sannaliyane Sannaliyane song lyrics
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාට ද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාට ද ඇඳුම වියන්නේ...
මාල ගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුදුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ...
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාට ද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාට ද ඇඳුම වියන්නේ...
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුදුල් දූ දීගෙට දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ...
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාට ද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කනකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාට ද සළුව වියන්නේ...
කනකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මිය ගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ...
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාට ද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාට ද ඇඳුම වියන්නේ...
මාල ගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුදුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ...
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාට ද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාට ද ඇඳුම වියන්නේ...
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුදුල් දූ දීගෙට දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ...
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාට ද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කනකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාට ද සළුව වියන්නේ...
කනකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මිය ගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ...
