Mala Ira Basina Handa Yame (මළ ඉර බසිනා හැන්දෑ යාමේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Mala Ira Basina Handa Yame Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by Mahagamasekara Shurin. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Mala Ira Basina Handa Yame Song Lyrics

Mala Ira Basina Handa Yame Song Lyrics by W.D Amaradeva
Singer(s)
W.D Amaradeva
Lyricist
Mahagamasekara Shurin
Music Composer
Pt.W.D Amaradewa
Views
28,110
Published on
2013-03-09

Unicode version of Mala Ira Basina Handa Yame song lyrics


මළ ඉර බසිනා හැන්දෑ යාමේ
ඔබගෙන්‌ සමුගන්නම්‌...

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන්‌ වෙන්වී මම යන්නම්

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ...

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්‌...
සුළඟේ දැවටී ඔබට හොරෙන්‌
මම ඔබ වෙත එන්නම්‌...
සියුමැලි දෑතින්‌ ඔබ හිස අත ගා

සියුමැලි දෑතින්‌ ඔබ හිස අත ගා
ඔබ නිදි කරවා මම යන්නම්‌...

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල්‌ පෙති අග පිනි කඳුළක්‌ රඳවා...

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල්‌ පෙති අග පිනි කඳුළක්‌ රඳවා
සුසුමක්‌ වාගේ ඉන් පිටවී...
සුසුමක්‌ වාගේ ඉන් පිටවී...
ඔබගෙන්‌ වෙන්‌ වෙන්නම්...
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන්‌ වෙන්වී මම යන්නම්‌...

ඔබගෙන්‌ වෙන්වී මම යන්නම්‌...
ඔබගෙන්‌ වෙන්වී මම යන්නම්‌...
BB Code for Forums:


HTML Code for web pages: