- SiYaLLa
- Song Lyrics
- Singers List
- Malani Bulathsinghala
- Kanda Kenda Karanu Pinisa Kandata Garahala Song Lyrics
Kanda Kenda Karanu Pinisa Lyrics
Kanda Kenda Karanu Pinisa Kandata Garahala Lyrics by Malani Bulathsinghala is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Kanda Kenda Karanu Pinisa Kandata Garahala Song Lyrics
Singer(s)
Malani Bulathsinghala
Lyricist
Premakirthi De Alwis
Music Composer
H.M Jayawardana
Views
22,448
Published on
2013-09-28
Unicode version of Kanda Kenda Karanu Pinisa Kandata Garahala song lyrics
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා...
කන්ද කෙන්ද කරනු පිණිස...
කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී...
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා...
කන්ද කෙන්ද කරනු පිණිස...
කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී...
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...
