Eda Meda Thura (එදා මෙදාතුර) Lyrics.

In this page you can explore, download and print the beautiful lyrics of song 'Eda Meda Thura Kandulata Wiwarawu Das Piyan Path Kawulu Wasa' by famous artist(s) Sanath Nandasiri.This song lyrics were written by Wimal Jayashantha and the music was composed by Sanath Nandasiri.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Eda Meda Thura Kandulata Wiwarawu Das Piyan Path Kawulu Wasa' Song Lyrics.

Eda Meda Thura Kandulata Wiwarawu Das Piyan Path Kawulu Wasa Song Lyrics by Sanath Nandasiri
Singer(s)
Sanath Nandasiri
Lyrics
Wimal Jayashantha
Music
Sanath Nandasiri
Views
31,983
Last updated
March 16, 2025

Unicode version of "Eda Meda Thura Kandulata Wiwarawu Das Piyan Path Kawulu Wasa" song lyrics.


එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස්‌ පියන්පත්‌ කවුළු වසා
ළයේ ගලා ගිය.. සෙනේහයේ සුව
සිනා පෙරූ රත්‌ දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම්‌ පෙති
කම්මුල්‌ සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන්‌ ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දෑස්‌ කවුළඑපත්‌ පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස්‌ අගින්‌
කාත්‌ කවුරුවත්‌ වෙතත්‌ හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්‌
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්‌
ඔබෙ මුව දොවතත්‌ සුවඳ පැනින්‌
මාත්‌ මගෙ හිතටත්‌ ඔබ සුවඳයි
ඈත්‌ නොවේමයි ඒ සුවඳින්‌...

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස්‌ පියන්පත්‌ කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන්‌ ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

ඊයේ ඉපදී අද මියයන්නට
පෙරුම්‌ පුරාගෙන උපන්‌ ළයේ
ඊයේ වේගෙන්‌ අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත්‌ නියේ
ඒත්‌ ඉතින්‌ දැන්‌ සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත්‌ ඇත්තන්‌
වී අපි ඉපෙදෙමු එකට පියේ...

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස්‌ පියන්පත්‌ කවුළු වසා
ළයේ ගලා ගිය.. සෙනේහයේ සුව
සිනා පෙරූ රත්‌ දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම්‌ පෙති
කම්මුල්‌ සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන්‌ ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
BB Code for Forums:


HTML Code for web pages: