- SiYaLLa
- Song Lyrics
- Singers List
- Victor Rathnayake
- Mage Getath Uda Obe Getath Uda Kalum Didulawana Song Lyrics
Mage Getath Uda Obe Getath Uda (මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ) Lyrics
Mage Getath Uda Obe Getath Uda Kalum Didulawana Lyrics by Victor Rathnayake is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mage Getath Uda Obe Getath Uda Kalum Didulawana Song Lyrics
Singer(s)
Victor Rathnayake
Lyricist
Premakirthi De Alwis
Music Composer
Victor Rathnayaka
Views
21,616
Published on
2011-09-23
Unicode version of Mage Getath Uda Obe Getath Uda Kalum Didulawana song lyrics
මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙළ දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කැලුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙළ දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
