Aththaru Riduna Pamanai Short Story [Part1]

Sinhala Short Story - Aththatu Riduna Pamanai by Dinithi Deepika


Read Sinhala Shot Story Aththaru Riduna Pamanai Short Story [Part 1] written by Dinithi Deepika


අත්තටු රිදුනා පමණයි...... [Part1]
මා සන්තකටම වත්කම වූ ප්රේමය...
මට මහා සැනසුම දී
ආපසු ගත්තේ ඇයි දැයි
අදත් මා නොදනිමි...
ඇට ලේ මස් නහරවල
කැලතී දියව යන්නේ
මා සන්තකය ඔබට පැවරූ
පාපය නිසාවෙනි
පෙම්වත...
ඔබට පිදු
නොකළැල් නොකිලිටි නොවෙනස්
මගේ වත්කම
මා ආපසු ඉල්ලන්නේ නැත
මන්ද...
එය මා ඔබට පිදුවේ
කිසිවක් පෙරලා
බලාපොරොත්තුවෙන් නොවන නිසාය
ඔබ නිදුකින් ඉනු මැන
එය මගේ පැතුමයි.....


සෙව්මි නිසංසලා

මා ඔබට ආදරය
නොකලා කීවොත්
එය මුසාවක්මය...
අපිට අප මුණ ගැසුණේ
මා අන් කෙනෙකුට
හිමි වූවාට පසුය
ඇයට ගින්දරක් දී ඔබට සැනසීමක්
දෙන්නටද...
ඔබට ගින්දර දී ඇයට සැනසීමක්
දෙන්නටද...
මට බැරිය....ඒ
ඔබ දෙදෙනාම මගේ ජීවිතය වූ
නිසාවෙනි...
අප අතර ඇති මේ බැදීමට
දෙන්නට නමක් මා දන්නේ නැත
එහෙත්...
මා දෑස් මායිමෙන්
ඔබ දුර නොයන්න
මන්ද...
ඔබද මට ඇවසිය...


දැහැන් නිර්මාණ


හැමෝම කියන්නේ මා වැරදි අයෙකු කියාය. නැත්නම් ලැජ්ජා නැති අවලම් කෙල්ලෙක් කියායා. එසේත්නැත්නම් අන්සතු දෙයක් හොරකම් කරන්නට හැදු හෙරක් ලෙසයි. එහෙත් ඒ කිසිවක් මට පිළිගන්නට බැරිය. ඒමගේ හිත හිතන හැටිය. කෙසේ නමුදු දැන් මා ලෝකය ඉදිරියේ නරුම කෙල්ලෙකු වී හමාරය. බුදුන්ගේ දෑසටබොරු කර අනුන්ගේ දෑසක් උදුරා ගත්තා යැයි මිනිසුන් මට දොස් කියයි. එහෙත් ඒ පව මට ගෙවන්නට බැරිවන්දියක් වන බව මා තරම් හොදට කිසිවෙකු දන්නේ නැත. කොයි තරම් අහිංසකව මං මගේ ප්රේමය පුදන්නේදැයි දන්නේ මාත් මගේ හිතත් පමණි.

පෙම් කරන දෙදෙනෙකු දෙපසකට කරන්නට මා තුන් හිතකින්වත් හිතුවේ නැත. එමෙන්ම ජීවිත කාලයේම එක්අයෙකුට පමණක් පෙම් කළ හැකියැයි මා එදවස සිතුවේද නැත. එහෙත් එය බොරුවක් යැයි දැන් දැන් මට වැටහේ.දිවි හිමියෙන් මා ප්රේම කරන්නට ප්රාර්ථනා කල කෙනා මට අහිමිවී ගොස් හමාරය. ආදරය කිරීම මේ තරම් හිතරිදන දෙයක් බව කලින් මට නොදැනුනි. කෙසේ වෙතත් මේ ආදරයයි. නමුත් ලෝකයා දකින්නේ මා කරන්නේවිශාල වරදක් ලෙසය. එහෙත් ඒ දෑසට උරුම කම් කීවේ මේ භවයේ පමණක් නොවන බව මට දිවුරා කිවිය හැක.අපි හිතන් ඉන්නා ලෙස දෛවය තීරණ දෙන්නේ නැත.

දැහැන් ....හ්ම් ඇත්තටම දැහැන් මගේ නෙතු අසලට පෑයූවේ මහා නියං කාලයකට පසුව වසින වැස්සක් ලෙසිනි.ඔහුට තිබුනේ හරි අඩම්බර පෙනුමකි. මගේ හිත ගත්තේ ඒ ආඩම්බර කමය. එපමණක් නොව ඒ ඇස් දෙක තුලකිමිදි සංසාරයේ හුරු පුරුදු ලෙංගතුකම් සොයන්නට මට සිතුණි. ඔහු අනුන්ගේ බව දැන දැන මා තනිවම ඔහුට පෙම්කලෙමි.

හැමදාමත් නදුනි ඇගේ පෙම්වතාට Call කරන්න යන Cafey එකේ හිමිකරුවා දැහැන්ය. නදුනි කතා කරන තුරුමා අර දෑස දෙස බලා හිදියි. තේරුම් ගන්නට බැරි මොකක්දෝ සංසාරික සිතුවිල්ලක් මහිත උඩ හුරු පුරුදුලෙංගතුකම් පෑවේ එතැන් පටන්ය¡ ඔහු කවදා කොහේදි හෝ මගේ වී ඉන්නට ඇති බව මට දැනුණි. ඒ හුරු පුරුදුසුවද ඉව අල්ලා බලන්නට සිතුණද මා එයට බිය විය. එහෙයින් මා මගේ හිතට තරවටු කලෙමි¡ නමුත් හැමදාමවාගේ ඔහු දෙස බලා හිදියද

—හිනාවක් ගන්න සල්ලි දීලවත් බැරි වෙයි නදුනි˜ කියා මා මගේ යෙහෙළිය හා කීවේය¡

—ඒ කාගෙද බං.....

—කගෙද ඉතිං අර ජ්ෙඬී එකේ ඉන්න පණ්ඩිතයගෙ මිසක්....

—හෝව්....හෝව්....මොකක්ද ඒ කතාව....මේ ඕවා තියා ගන්න එපා....දැහැන් හොද කොල්ලෙක් බං....ඇරත්ඒකට ලස්සන නංගියෙක් ඉන්නවා.....

නදුනි එක දිගට කියවයි. මගේ හිත හෙල්ලී ගියේ ඔහුට ආදරය කරන්න ගැහැණු ළමයෙක් ඉන්නවා යැයි කීදෙයටය..එහෙත් එය නදුනිට නොපෙන්වා මා තවත් දැහැන් ගැන නදුනිගෙන් දැන් ගන්නට සිතුවෙමි¡

— උඹ කොහොමද දැහැන්ව දන්නෙ....

— සෙව්මි...දැහැන් අපේ නංගිලා එක්ක එකට Computer කලේ ....ඒත් එයා A/L ලිවුවෙ නැද්දකොහේද....පිස්සුවෙන් වගේ කදපචමඑැර පස්සෙ දිවුවා. එAත් ඒකෙන් දැහැන්ට වැරදුනේ නෑ...දැන් බලන්නකොලස්සනට ඉන්නෙ. ඉතිං හැමදාමත් අපි උදේ හවස බාහිර උපාධිය සදහා පන්ති ගියේය. ඒ එන අතර මග දැහැන්ගේ ක්ෙඬී එකටගොඩවදින එක අපට පුරුද්දක් විය.

—මං ආසයි බං දැහැන්ට....˜ මට කියවිණි.

—මේ...මේ...ඕවා තියා ගන්න එපා..දැහැන් අනුන්ගෙ....

—හරි බං ඉතිං....දැහැන් අනුන්ගෙ උනාට මට බැරිද දැහැන්ගෙ වෙන්න...

—සෙව්මි....මොනාද මේ කියවන්නෙ...˜

—දැහැන් මාර ගති බං....කෙල්ලෙක්ට ආස හිතෙන ලස්සනක් තියෙන්නෙ...ඒ විතරක්ද බලපන් ඒ ඇස් දෙකදිහා.... නදුනි ඉදිරියේ මගේ හදවත විවෘත විය¡

—මං දැහැන්ට ආදරේ කරනවා නදුනි...එයා අනුන්ගෙ උනාට කමක් නෑ මට පුළුවන් එයාගෙවෙන්න...හැමදාටම.... දගකාර මගේ හිත උඩ ඇති සිතුවිලි කිසිවක් හංගන්නේ නැතිව මා කීවෙමි. ඒ මගේ හැටිය. මග යන කොල්ලෙකුදැහැන් වගේ නම් කිසිවක් නොසිතා

—අර බලන්න අර බෝයි දැහැන් වගේ නේදැයි...˜ කියා කියන්නට තරම් මගේ හිත දඩබ්බර විය.

—සෙව්මි....ඔහොම කියවන එක ටිකක් අඩු කරගන්න....මට කිවුවට කමක් නෑ....ඒත් කාටහරි ඇහුනොත්....

—ඉතිං ඇහුනදෙන්කො.....

—ඇහුනට කමක් නෑ තමයි....ඒත් අපිට අනුන්ගෙ හිත් කියවන්න බැහැනෙ....අනුන්ගෙ හිත් වීඩියෝ කැමරාවගෙයි....ඔයා ගැන වැරදියට හිතයි...එහෙම හොද නෑ නේද..ඒ විතරක්ද කවුරු හරි දැහැන්ගෙ ගෑණු ළමයටකිවුවොත්.....

දැහැන් ගැන මගෙ හිතේ තිබුණ පිස්සුවට නදුනි සැර වූයේ එසේය. එහෙත් ඇය කියන්නේ බොරුවක් නොවුවදමට දැහැන්ව අමතක කරන්නට බැරිය. හැම මොහොතකම මගේ ඇස් දුවන්නේ ඔහු සොයාය. මගේ හිත උඩවිතරක් නොව ගැඹුරුම ගැඹුරු යටි හිතේද හිටියේ දැහැන්ය. සමාධියට සමවැදුනා සේ දැහැන් ගැන සිතීම මට සුවයගෙනාවේය. ඒ භාවනාව සුන්දර විය. නදුනි එක්ක කොයි මොහොතේත් මා කියෙවුවේ දැහැන් ගැනය. ලෝකයාදන්නේ නම් මට දොස් නගනු ඇත. එහෙත් මෙතනදි නදුනිට පවා තේරුම් ගන්නට බැරි දෙයක් විය. එනම් මාඇත්තම ඇත්තට දැහැන්ට ආදරය කිරිමයි. එය මුසාවක් නොව. මගේ තුන් හිතම පේවී ඔහුට ප්රේම කළේය. එයතව අයෙකුට පැහැදිලි කර කියා දෙන්නට මට බැරිය. මා මගේ හිත වෙනස් කරන්නට නොගියේය. මා මගේතීරණයේම හිදියේය. එනම් දැහැන්ට මා ප්රේම කළෙමි. නමුත් කියන්නට බැරි දෙයක් තිබේ. එනම් ඒවෙනකොටත් අපේ නිවසින් මා සුපුන්ට යෝජනා කර තිබීමයි. අම්මලා කියන්නේ මා අනිවාර්යයෙන් සුපුන් හා දීගයායුතු බවයි. එහෙත් ඔහු ගැන මහිතේ කිසිම දිනක ප්රේමයක් නොඋපදියි. එය ඇයි දැයි කියන්නට මටතේරෙන්නේ නැත. කෙසේ වෙතත් මගේ ජීවිතය සුපුන් ළග නැති බව මම දනිමි.

දිනක් අපි දැහැන්ගේ ක්ෙඬී එකට ගොඩවදින විට එහි හිදියේ දැහැන් පමණක් විය. නදුනි දුරකථන කුටියට ගියපසු දැහැන් හරි ලස්සනට මා දෙස බැළීය. මා දැහැන්ට වශීවී හිදි නිසා එය මට දරාගන්න බැරි සතුටක් එක් කළේය.

—කොහොමද සෙව්මි....˜ මුල් දවස්වල අහංකාර කමට හිටි දැහැන් හරි ලස්සනට ඔහුගේ දෙතොල් මතින් මා හා කතා කළේය.

—හ්ම්....හොදයි දැහැන් ඉතිං....ඉතිං...

—හරියට වැඩ අද චුට්ටක් නිදහස්.... ඊමිිසබැිි කියන්නෙ ඒකනෙ...දවසකට වැඩ වැඩියි දවසකට මොකුත්මනැහැ....අද ඉතිං මොකුත්ම නැති දවසක්....˜

— ඔයාගෙ ඇස් හරි ලස්සනයි සෙව්මි...˜

නැවතත් දැහැන් කියු දෙයින් පිළිගන්න මට ඇතිවූ සතුට නිම්හිම් නැති විය¡ එය කිරා මැන බලන්නට බැරි තරම් විය.දැහැන් ඔබ හරිම අපූරුවට මගේ හිතට කතා කලේය. ඔබ තට්ටු කලේ මගේ හදවතටය. නදුනි දුරකථන කුටියෙන් එළියට එන විටත් අපි අපි දෙස බලා හිදියේ හිතින් කතා කරමින්ය¡

—මොකද සෙව්මි භාවනාවක්ද....˜ කියා ඈ මගේ අතින් ඇල්ලූවේය¡ මගේ අත සීතල වී තිඛෙනවා ඇයටදැනෙන්ට ඇත.

—ගාන කීයද දැහැන් කියා මුදල් ගෙවූ නදුනි නැවතත්

—සෙව්මිව බදින්න කෙනෙක් ඉනන්නවා දැහැන්්...˜ කියා ඔහුට කීවේය¡ තේරුම් ගන්න දැහැන් කාගේ වුවද එය මට ප්රශ්ණයක් නොවුනි¡ එතරම් මා දැහැන්ට සෙනෙහස් විය. සුපුන්ටමගේ ලොවේ තිතක් වන්නටවත් බැරි වුවද දැහැන් මගේ මුළු ලොවම වසා පැතිරී හිදියේය. දැහැන්ව මට බරක්වදයක් කරදරයක් නොවීය. ඒ මන්ද ඔහු මහිත උඩ සක්මන් කලේ සිහින සරිනි.

— මං ඔයාට ආදරෙයි්...˜ ඊට දින දෙක තුනකට පසු මගේ ජංගම දුරකථනයේ සනිටුහන් වූ කෙටි පණිවිඩය එයවිය. ඒ සීතල රාති්රයේ ඔහු උණුසුම් සුව සදන හීනයක් තරම් ලෙංගතුව මා ඇමතීය. මගේ ජීවිතයේ ලද ලොකුමසැනසීම එය විය. මම දොර ඇරගෙන එළියට ගොස් පිනි වැටුනු තණකොළ පිස්සේ දෙපා ඇවිදුවෙමි. සෙරෙප්පුදෙකක් නැති දෙපා වලට පිනි බිදුවල සීතල අමුතු සුවයක් එක් කලේය. මේ මා උදේ හවා ප්රාර්ථනා කළප්රේමයයි. මේ මා හැමදා දුටු සිහිනයයි. හැකි විගසින් මාත් ඔහුට කෙටි පණිවිඩයක් යැවුවෙමි.

Copyright © Sinhala Lyrics Library - www.SiYaLLa.com - 2008 - 2012 ~ All right reserved.
Author:- Dinithi Deepika